අංක 155 ආධුනික ගුවන් භට පාධමාලාවේ විසිර යාමේ උත්සවය
12:06pm on Wednesday 4th September 2013
අංක 155 ආධුනික ගුවන් භට පාඨමාලාවේ විසිර යාමේ උත්සවවය 2013 අගෝස්තු මස 30 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරායේදී පවත්වන ලද අතර මෙහිදී සති 17 ක පුහුණු කාලය සම්ර්‍පර්ණ කරන ලදී ගුවන් භටයින් දෙසිය දෙදෙනෙකු විසිර යන ලදී.



මෙම විසිර යාමේ උත්සවය සවිධානය කරනු ලැබුයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගයේ ප්‍රධාන උපදේශක ස්කෝඩ්‍රන් ලීඩර් එම් එල් වී ගුණවර්ධන විසින් වන අතර මෙම පාඨමාලාව සඳහා සරඹ, අවි පුහුණුව, යුධ උපක්‍රම, ක්ෂේස්ත්‍ර ශිල්පය, සිතියම් කියවීම, ගුවන් හමුදා සංවිධානය හා පාලනය, ගුවන් හමුදා නීතිය, පුපුරන ද්‍රව්‍ය පරිහරණය, කැලෑ හා යුධ ප්‍රථමාධාර යන විශයන් යටතේ පුහුණුව ලබා දෙන ලදී.



මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් මහතා සහභාගී වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රවර්ධන පුහුණු පාසලේ ආඥාපති බ්‍රිගේඩියර් එම් එච් පී කුලසූරිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච් එම් එස් කේ කොටකදෙනිය, ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍ර විද්‍යාපීඨයේ පීඨාධිපති කමාන්ඩර් වී එස් පී පෙරේරා යන උසස් නිලධාරීන්ද මේ අවස්ථාව සඳහා සහභාගී වන ලදී.



සියළු අංගයන්ගෙන්  දක්ෂතම ගුවන් භටයා
TA31017 AC2UT ප්‍රියංකර එස් එල් එච්

හොඳම ශිෂ්‍යා

TA31017 AC2UT ප්‍රියංකර එස් එල් එච්

හොඳම සරඹ
TA31025 AC2UT නවරත්න පී ආර් ඩී

හොඳම වෙඩිකරු
TA31017 AC2UT ප්‍රියංකර එස් එල් එච්

ශාරීරික
TA30936 AC2UT ඉලංගතිලක සී එම් අයි ටී කේ

මැරතන්
TA31132 AC2UT සෙනවිරත්න ඩී එච් කේ


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි