ගුවන් හමුදාපතිතුමන් වීරවිල කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
8:36am on Thursday 3rd October 2013
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා වීරවිල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සැප්තැම්බර් මස 26 වන දින සිදු කරන ලදී.කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් එම් ඩී ජේ වාසගේ ගුවන් හමුදාපතිතුමා කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදි.

වාර්ෂික පරීක්ෂනය අතරතුරදී හමුදාපතිතුමා විසින් කදවුරේ අලුතින් ඉදිකරන ලද සැපයුම් අංශය, විද්‍යුත් අංශය සහ සුනඛ අංශය සහ පවතින සියළුම ව්‍යපෲතීන් පිලිබදව අදීක්ෂණය කරන ලදී.

කඳවුරේ සහ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීයාකාරි සේවයක් කල සැරයන් ගුණවර්ධන ඩීසීඑම් - ගුවන් යානා සැකිලි ශිල්පී 1 වෙනුවෙන් ගුවන් හමුදාධිපති සම්මාන ලබා දෙන ලදී. පසුව සෙසු නිළයන් අමතා විශේෂ කථාවක් පැවැත්වීමෙන් අනතුරුව සියළුම නිලයන හා එක්ව දිවා ආහාරය ලබා ගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි