2012 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයින් වෙනුවෙන් සම්මාන ප්‍රධානය කිරීම
8:51am on Thursday 3rd October 2013
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන්, 2012 වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුල ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔත්සේ කටයුතු කල විශිෂ්ඨතම ගුවන් භටයා හෝ ගුවන් කාන්තාව තෝරා තිළිණ ප්‍රධානය කරමින් ගෞරව දැක්වීමේ උළෙලක් අද (27) දින කටුනායක ඊගල්ස් ලැගුන් විවි උත්සව ශාලාවෙදී පැවැත්විනි.

එක් එක් වෘත්තීන්ට අදාල හොඳම සේවා පුද්ගලයා තේරීමේදී පිළිගත් ක්‍රමවේදයකට අනුව එක් එක් වෘත්තීන්හි අධ්‍යක‍ෂ මණ්ඩල මගින් සිදු කල අධීක්ෂණයන් යටතේ, පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කල දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කරන ලදී. ගගන ඉංජිනේරු, සාමාන්‍යය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්නිෙවිදන ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භූමි මෙහෙයුමි, සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය සේවාවන්හි නියුතු වුවන් මේ සඳහා තෝරා ගන්නා ලදී.

ඉහත සඳහන් ඒ ඒ වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා, වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස සම්මාන ලබීමට සුදුසුකම් ලබයි. ගුවන් හමුදාවේ වැඩකටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහාද සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කරනු ලබයි.මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලබනුයේ ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ප්‍රධාන කමිටුවක් මගිනි.

වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා තේරීමේ තරගයේ සංවිධායක මණ්ඩලයේ සභාපති එයාර් කොමඩෝර්  ඒ.ඩබි.ඊ විජේසූරිය නිලධාරි තුමන්  විසින් පිළිගැනීමේ කතාව කරමින් ගුවන් හමුදාධිපති තුමන් ඇතුළු පිරිස ගෞරවයෙන් පිළිගන්නා ලදී. සම්මාන ප්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති තුමන් උත්සවය අමතමින් කියා සිටියේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයිනගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක් සිදුවන අතර හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ඨ ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.  

මෙම සුවිශේෂී උත්සව අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්.කේ පතිරන, සංවිධායක කමිටු සභාපති සහ විධායක මාධ්‍ය නිලධාරි එයාර් කොමඩෝර් ඒ.ඩබි.ඊ විජේසූරිය මෙම අවස්ථාවට සහභාගී විය.

තවද ගුවන් හමුදාවේ සිටින ජේෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව වන ප්‍රධාන බලලත් නිළධාරී ජයසුන්දර සහ බලලත් නිළධාරිනි රත්නප්‍රිය ද මෙම තිළිණ ප්‍රදාන උත්සවය වෙනුවෙන් සහභාගී විය.

2012 වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස 13318 ප්‍රධාන බලලත් නිලධාරී කේජීපීසී ගමගේ - හෙද විශේෂ 1 සම්මාන ලැබීය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි