අන්තර් ඒකක පාපැදි තරගාවලියේ ජය අනුරාධපුර කඳවුරට
7:19pm on Saturday 5th October 2013
වාර්ෂිකව ගුවන් හමුදාව සංවිධානය කරන ලද අන්තර් ඒකක පාපැදි තරගාවලියේ ගුවන් හමුදා අනුරාධපුර කදවුර පිරිමි අංශයේ ශුරතාවලිය දිනාගත් අතර බණ්ඩාරනායක ගුවන් තොටුපොල කදවුර අනුශුරතාවය දිනා ගන්නා ලදි.අනතුරුව කටුනායක  අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය හා ගුවන් හමුදා කොළඹ කදවුර පිළිවෙලින් කන්තා අංශයේ ශුරතාව හා අනුශුරතාවය දිනා ගන්නා ලදී.

ජාතික තලයේ පාපැදි තරගකරුවන් බිහි කිරීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කල අතර ගුවන් හමුදාවේ සියලුම කඳවුරු නියෝජනය කරමින් පාපැදි තරගකරුවන් ඉදිරිපත්ව සිටි අතර 2013 ඔක්තෝම්බර් මස 04 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය පැවැත්වින.


තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම්.එල්.කේ පෙරේරා නිලධාරි තුමන් සහභාගි වූ අතර ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති හා ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජීපී බුලත්සිංහල,ගුවන් හමුදා කටුකුරුන්ද කදවුරු අනදෙන නිලධාරී විංග් කමාන්ඩර් පී.එස්.එන් ප්‍රනාන්දු ඇතුළු නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.  

තරගාවලියේ ප්‍රථිඵල පහත දැක්වේ

කණ්ඩායම් තරග ප්‍රථිඵල (පිරිමී )
අනුරාධපුර ගුවන් හමුදා කඳවුර - ශුරතාවය
කටුනායක ගුවන් හමුදා කඳවුර (රෙජිමේන්තු පක්ෂාංග ) - අනු ශුරතාවය

කණ්ඩායම් තරග ප්‍රථිඵල (කන්තා)
බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කඳවුර - ශුරතාවය
කොළඹ ගුවන් හමුදා කඳවුර  - අනු ශුරතාවය

විවෘත - පිරිමි
027330  ගුවන් භට ප්‍රියන්ත කුමාර (පලමු ස්ථානය ) - අනුරාධපුර ගුවන් හමුදා කඳවුර
022528 නායක ගුවන් භට විජයන්ත පී.කේ.ඒ (දෙවන ස්ථානය ) - බණ්ඩාරනායක ගුවන් තොටුපොල කදවුර
037330 නායක ගුවන් භට ශෙල්ටන් එල්.ඒ.ඩී (තුන්වන ස්ථානය ) - ගුවන් හමුදා රත්මලාන කදවුර

විවෘත - කාන්තා

ගුවන් කාන්තා සැරයන් කරුනාසේන (පලමු ස්ථානය ) - කොලබ ගුවන් හමුදා කදවුර
ගුවන් කාන්තා  සූරියාඅරච්චි එස්.ඒ.සී.ගී (දෙවන ස්ථානය ) - බණ්ඩාරනායක ගුවන් තොටුපොල කදවුර
ගුවන් කාන්තා කොස්තා ඩී.අයි.ඒ (තුන්වන ස්ථානය ) - බණ්ඩාරනායක ගුවන් තොටුපොල කදවුර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි