වීරවිල කඳවුර නිවාඩු ගතකරන්නන් වෙනුවෙන් නිවාඩු පහසුකම් දියුණු කරයි
10:26am on Monday 7th October 2013
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් වීරවිල කඳවුරේ පවත්වන ලද වාර්ෂික පරීක්ෂණය අතරතුර නිළධාරීන් වෙනුවෙන් "ලේක් විව් ෂැලේ" නමින් නව නිවාඩු නිකේතනයක් විවෘත කරන ලදී.  
 
සෙල්ලකතරගම ප්‍රදේශයේ දර්ශණීය බිම්කඩක ඉදිකර ඇති මෙම නිවාඩු නිකේතනය වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී කාමර තුනකින්ද, නව පන්නයේ මුලුතැන්ගෙය, එකවර පවුල් තුනකට ආහාර ලබා ගැනීම සඳහා භෝජනාගාරයක් මෙම නිවාඩු නිකේතනය සතුව පවතී.

කතරගම පුජානගරයට ආසන්නව පිහිටා ඇති වීරවිල ගුවන් හමුදා කඳවුර ආශ්‍රිතව මේවැනි නිවාඩු නිකේතන නිර්මාණය කර ලබා දීම තුලින් නිවාඩු ගතකිරීමට පැමිනෙන සේවා පුද්ගලයින්ට සහනයකි. එමෙන්ම නිස්කලංක පරිසරයක අංග සම්පූර්ණ සුවපහසු නිවාඩු නිකේතනයක සිට තම නිවාඩුව ගතකිරීමට මෙමගින් අවස්ථාවක් ලබාදීතිබේ.

ගුවන් භටයින් වෙනුවෙන් ඉදිකර ඇති දෙමහල් "එලිෆන් විව්" නිවාඩු නිකේතනය වීරවිල ගුවන් හමුදා කඳවුර තුල පිහිටා ඇත. මෙම නිවාඩු නිකේතනයේ පහත මාලය එක් කාමරයකට හයදෙනෙකු බැගින් විශාල කාමර දෙකක් සහ පොදු භෝජනාගාරයකින්ද, ඉහල මාලය යුගල ඇඳන් සහිත කාමර 11 කින්ද සමන්විත දර්ශණීය නිවාඩු නිකේතනයකි.

එසේම ගුවන් භටයින් වෙනුවෙන් වැඩහිටිකන්ද ප්‍රදේශයේ ඉදිකර ඇති කුඩා ගෘහ තුනක්, එක් ගෘහයක් භෝජනාගරයකින්ද, අනෙකුත් ගෘහයන් නවාතැන් සඳහාද වෙන්කර ඇත.

වීරවිල ගුවන්තොටුපල අසල දර්ශනීය බිම්කඩක ඉදිකර ඇති "පීකොක් විලා" නිවාඩු නිකේතනය නිළධාරීන් වෙනුවෙන් ඉදිකර ඇත.

වීරවිල ගුවන් හමුදා කඳවුර මගින් සපයා ඇති අනෙකුත් පහසුකම වන්නේ යාල සහ බුන්දල ජාතික වන උද්‍යාන නැරබීම සඳහා "සෆාරි ජිප්" රථ ලබා දීමයි. එසේම අලුතින් ඉදිකර ඇති "ඊගල්ස් කෆේ" ආපන ශාලාව මගින් උසස් ප්‍රණීත ආහාර පාන සාදාරණ මිලකට ලබාදෙනු ලබයි. ආපන ශාලව අසලම කුඩාදරුවන් වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකර ඇත. ගුවන් හමුදාධිපති තුමන්ගේ සුභසාධන ඉලක්ක ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් දිල්ශාන් වාසගේ එම පහසුකම් නිළධාරීන් හා සෙසු නිළයන් වෙත ඉතා කෙටිකලකදී ලබාදී තිබේ.


ලේක් විව් ෂැලේ



වැඩිහිටි කන්ද නිවාඩු නිකේතන



එලිෆන් විව්



පීකොක් විලා



ඊගල්ස් කෆේ



සෆාරි ජිප්


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි