රොදර්හැම් සර්කිට් මීට් - 2013
3:34pm on Thursday 17th October 2013
ශ්‍රී ලංකාව තුල ක්‍රීඩාව ඉහල නැංවීම සඳහා නිබඳව අතහිත දුන් ගුවන් හමුදාව, 70 දශකයේ සිටම මෝටර් රථ තරග සඳහා ප්‍රධාන තැනක් ලබා දෙමින් කටයුතු කරන ලදී. කටුනායක ධාවන පථය ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස වැඩිදියුණු වීමත් සමග ඇතිවු කාර්ය බහුලත්වයත් සමග මෙම මෝටර් රථ තරග කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වීමට සිදුවු අතර ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව 2007 වර්ෂයේදී රොදර්හැම් සර්කිට් මීට් නමින් නව මුහුණුවරකින් ආරම්භ කරන ලදී.

දෙවන ලෝක යුධ සමයේ කටුකුරුන්ද රාජකීය නාවික ගුවන් හමුදා කඳවුරෙහි ප්‍රථම අණදෙන නිළධාරී ලෙස ක්‍රියාකල කපිතාන් හැන්ක් රොදර්හැම් අනුස්මරණය කිරීම පිණිස රොදර්හැම් සර්කිට් මීට් නමින් 2007 වර්ෂයේදී මෙම තරගාවලිය ප්‍රථමයෙන් හැඳින්වුනු අතර, එතැන් සිට පුරා වසර හතක් නොකඩවා මෙම තරග ඉසව් සාර්ථකව පවත්වාගෙන එන ලදී.

රොදර්හැම් සර්කිට් මීට් 2013 තරගාවලියේ කාලය මැනීමේ තරග ඔක්තෝම්බර් මස 12 වන දින පැවැත්වුනු අතර 13 වන දින ප්‍රධාන තරගාවලිය පැවැත්විනි. මෙවර තරගාවළිය සඳහා ප්‍රවේගකාරී මෝටර් රථ තරග හා යතුරු පැදි ධාවන ඉසව් රැසකින් සමන්විත විය.

තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයාට හිමි යු.ඩී ජිනදාස අනුස්මරණ කුසලානය දිනා ගැනීමට රේසා ඔඩයාර් සමත්වු අතර දක්ෂතම මෝටර් රථ ධාවකයාට හිමි ශ්‍රී ලංකා ගුවන් හමුදා හා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය විසින් පිරිනමනු ලබන කුසලානය මිස්සක නවීන් විසින් දිනා ගන්නා ලදී. මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහභාගී විය.

මෙම තරගාවලියෙන් ලැබෙන සියළු මුදල් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය හරහා ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සුභ සාධනය සඳහා යෙදවීමට නියමිතය.

තරග ප්‍රථිඵල සඳහා මෙතනින් යන්න

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි