මහනුවර ධර්මරාජ විදුහලේ සිසුන්ට ගුවන් හමුදාවෙන් නායකත්ව වර්ධන පුහුණු පාඨමාලාවක්
10:25am on Tuesday 12th November 2013

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන ලද නායකත්ව වර්ධන පුහුණු වැඩමුළුවක් 2013 ඔක්තෝම්බර් මස 30 වන දින මහනුවර ධර්මරාජ විදුහල් ශ‍්‍රවනාගාරයේදී පවත්වන ලදී.

මෙම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මෙම වැඩසටහ හඳුන්වා දීමේ දේශණය කරමින් මෙම වැඩසටහනෙහි අගය සිසුන්ට පහදා දෙන ලදී.

ඉන් අනතුරුව වැඩසටහන ආරම්භ කරමින් නායකත්වය පිළිබඳ ගෲප් කැප්ටන් එම්ඩී රත්නායක විසින්ද, කණ්ඩායම් සහ කණ්ඩායම් ගොඩනැගීමේ කළමණාකරනය විංග් කමාන්ඩර් කේ එම් කේ කැප්පටිපොල විසින්ද, සාමාජීය සිරිත් විංග් කමාන්ඩර්එම්.ඞී.ඒ.ජී. සෙනෙවිරත්න විසින්ද ,කාල කලමණාකරනය විංග් කමාන්ඩර් යුසීජේ පියසේන විසින්ද, අභිප්‍රේරණය ගෲප් කැප්ටන් එම් ඒ ජබීර් විසින්ද   සිසුන් දැනුවත් කරමින් දේශන පවත්වන ලදී.

මෙම අවස්ථාවට මහනුවර ධර්මරාජ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති එස් ඒ ඩී සුභසිංහ මහතා ඇතුළු ජේෂ්‍ය්ඨ ගුරු මණ්ඩලයේ පිරිසක් සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි