බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුගේ ගුවන් ගමනට හෙලිටුවර්ස් සහය වෙයි
4:15pm on Friday 29th November 2013
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු නොවැම්බර් 16 දින උදැසන හෙලිටුවර්ස් ගුවන් සේවයට අයත් එම් අයි 17 වර්ගයේ විශේෂ හෙලිකොප්ටර් යානයකින් නුවර එළිය බලා පිටත්විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමන් චාල්ස් කුමරුන් ගෞරවනීය ලෙස පිලිගනිමින් රතුපලසක් මතින් මෙම විශේෂ යානය වෙත කැඳවාගෙන යන ලදී.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජින නියෝජනය කරමින් පොදරදමඩුළු නායක සමුළුවට සහභාගී වු අතර මෙරටදී විශේෂ වැඩසටහන් රැසකටද සහභාගී වීමට නියමිතය.




HRH Prince Charles arrives to Kandy


HRH Prince Charles with SLAF Air Crew.


HRH Prince Charles returns to Colombo  with Helitours.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි