කටුකුරුන්ද කඳවුර 29 වෙනි සංවත්සරය සමරයි
4:20pm on Friday 29th November 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර, 2013 නොවැම්බර් මස 16 වන දින තම 29 වන සංවත්සරය සමරන ලදී.

රාජකීය නාවික ගුවන් කදවුරක් ලෙස කපිතාන් ජී.ඒ රොදර්හැම් යටතේ 1943 දී ඇරඹි මෙම කදවුර 2වන ලෝක යුධ සමයේදී ඉමහත් කාර්‍යභාරයක් සිදුකොට ඇත.

පසුව නිළධාරීන් 300 ක් හා සෙසු නිලයන් 3000 කින් සමන්විත විශාල කදවුරක් බවට පත් වූ අතර අතිරේක ගුවන් යානා සහ ගුවන් භටයින් ස්ථානගත කල කදවුරක් බවටද පත් විය.

පසුව 1984 නොවැම්බර් මස 16 වන දින මුදල් හා ක්‍රම සම්පාදන ඇමති ගරු රොනීද මෙල් මහතා අතින් විවෘත කර ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරක් බවට පරිවර්තනය කරන ලදී.

29 වන සංවත්සරය සනිටුහන් කරමින් කදවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පී එස් එන්  ප්‍රනන්දු, අනුදැනුම මත ශ්‍රමදාන කටයුත්තක් ක්‍රියත්මක වූ අතර එදින කඳවුරේ සියල්ලන් එක්ව ක්‍රීඩා තරගවල නියුතු වු අතර දිවා ආහාරය කඳවුරේ සියල්ලන් එක්ව ලබා ගන්නා ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි