අම්පාර ගුවන් හමුදා කඳවුර සිය අභිමානවත් 24 වන සංවත්සරය සමරයි
10:33am on Wednesday 4th December 2013
අම්පාර ගුවන් හමුදා කඳවුර තම 24 වන සංවත්සරය නොවැම්බර් මස 25 දින අභිමානවත් ලෙස සැමරීය. කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සී වික්‍රමරත්න සංවත්සර පෙළපාලිය පරීක්ෂා කරමින් 24වන සංවත්සර උත්සවාකාරයෙන් ඇරඹීය.

කඳවුරු සංවත්සරය අර්ථවත්ව සැමරීමේ අරමුණින් ලේ දන්දීමේ ව්‍යාපාරයක්, ශ්‍රමදාන වැඩසටහනක් කඳවුරු සාමාජිකයින් විසින් සංවිධානය කර තිබිනි. තවද,සුහදත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා තරගයක් සංව්ධානය කල අතර දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියළුම නිලයන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි