ඉන්දියානු නාවික හාමුදාපති ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක
10:45am on Wednesday 4th December 2013
ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ ආරාධනයට අනුව ඉන්දියානු නාවික හාමුදා ප්‍රධානි අද්මිරාල් දේවේන්ද්‍ර කුමාර් ජෝෂි නොවැම්බර් මස 28 පස්වරුවේ ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරතවිය.

ගුවන් හමුදාපතිතුමන් විසින් එතුමා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර ගුවන් හමුදා චාරිත්‍රානුකූල ලෙස සම්මාන මුරයක්ද එහිදි සිදු කෙරිණි.අනතුරුව මෙම උසස් හාමුදා ප්‍රධානින් දෙදනා විසින් දෙරටේ අරක්ෂාවට ආදාල ඉතා  වැදගත් කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කරන ලදි.

ගුවන් හාමුදා අධ්‍යක්ෂක මණ්ඩලය ඉන්දියානු නාවික හමුදාපති තුමා වෙත හදුන්වා දුන් ගුවන් හාමුදාපතිවරයා එතුමා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනමන ලදි.එසේම මෙම හමුව සිහිපත් විම පිණිස දෙදෙනා අතර  සමරුඵලක හුවමාරුවක් කරගන්නා ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි