අන්තර් ඒකක වොලිබෝල් තරගාවලිය 2013
11:11am on Wednesday 4th December 2013
අන්තර් ඒකක වොලිබෝල් තරග මාලාවේ අවසන් තරග පසුගිය නොවැම්බර් මස 02 වන දින කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

කාන්තා සහ පිරිමි අවසන් තරගවලදී පිළිවෙලින් කටුනායක ගුවන් හමුදා මුලස්ථානය සහ චීනවරාය විද්‍යාපීඨ කඳවුරත්  කටුනායක 26 වන රෙජිමේන්තු පක්ෂාංගය සහ කටුනායක සැපයුම් ඩිපෝවත් තරග වැදුනු අතර පිරිමි ශූරතාවය කටුනායක ගුවන් හමුදා මුලස්ථානය දිනාගත් අතර කාන්තා ශුරතාවය කටුනායක 26 වන රෙජිමේන්තු පක්ෂාංගය දිනා ගැනීමට සමත් විය.

අවසන් ත්‍යාග සහ කුසලාන ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතා සහභාගී විය. ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ, ගුවන් හමුදා ප්‍රධාන විනයාරක්ෂක නිළධාරී එයාර් කොමඩෝර් සී පී වැලිකල, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ, නිළධාරීන් සහ සෙසු නිළ‍යන් මෙම අවසන් තරග නැරඹීම සඳහා පැමිණ සිටියහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි