පිස්ටල් වෙඩි තැබීමේ ශූරයා ගුවන් හමුදාවෙන්
8:41am on Monday 30th December 2013
පිස්ටල් වෙඩි තැබීමේ අංශයේ ශූරතාවය හිමි කරගන්නට ගුවන් හමුදාව පසුගිය සෙැම්බර් මස 13 සිට 17 දක්වා වැලිසර නාවික හමුදා කඳවුරු වෙඩි පිටියේදී පැවැත්වුණු ”අයි පී එස් සී ජාතික පිස්තෝල ශූරතාවලියේදී” සමත් විය.

මෙහිදී සැරයන් විජේකෝන්, නායක ගුවන් භට ප‍්‍රනාන්දු සහ නායක ගුවන් භට ප‍්‍රියශාන් මෙහිදී ශූරතාවය හිමිකරගන්නට සමත්වූහ. එසේම දෙවන හා තෙවන ස්ථාන රැුසක්ද ගුවන් හමුදා වෙඩි තැබීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදී.

හිටපු ආරක්‍ෂක අමත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් අශෝක ජයවර්ධන සහභාගී වූ අතර ක‍්‍රිඩා අධ්‍යක්‍ෂක ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය, ජාතික රයිෆල් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කිෂාන් යහම්පත්, නාවික ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක කොමඩෝර් ජේ ඞී අමරනායක, ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
    
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි