ශිෂ්‍යත්වය සමත් ගුවන් හමුදා දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානයක්
1:04pm on Monday 30th December 2013
ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයින්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නිරන්තරයෙන් අත හිත දෙනු ලබයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වුණු ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයින්ගේ දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමක් පසුගිය දෙසැම්බර් මස 18 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවනාගාරයේදි පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවේදී ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175 කට වඩා වැඩියෙන් ලබාගත් සිසු සිසුවියන් 47 දෙනෙකු සඳහා ත්‍යාග සහ රු. 5000 ක මුදලක් තුැනපත් කරන ලද හැටන් නැෂනල් බැංකුවේ තැන්පතු ගිණුමක් ප‍්‍රදානය කරන ලදී. එසේම ලකුණු 160 වඩා ඉහල ලකුණු ලබාගත් සිසු දරු දැරියන් 150 දෙනෙකු සඳහා ත්‍යාග සහ හැටන් නැෂනල් බැංකුවේ තැන්පත් ගිනුමක් ප‍්‍රදානය කරන ලදී.

මෙහිදී සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මිය විසින් සිසු දරු දැරියන් හට සුභ පැතුවාය. ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, හැටන් නැෂනල් බැංකුවේ නියෝජිත මහත්ම මහත්මීන්, ගුවන් හමුදා නිළධාරීන් දෙමව්පියන් සහ දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි