ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය ඉරිදා දිනත් විවෘතයි
3:07pm on Wednesday 29th January 2014
රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි පිහිටා ඇති ගුවන් හමුදා කෞතුකාගාරය 2014 ජනවාරි 26 වන දින සිට සෑම ඉරිදා දිනකදීම විවෘතව තැබීමට ගුවන් හමුදාව තීරිණය කොට තිබේ. නරඹන්නන්ගේ බලවත් ඉල්ලීම මත ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මෙම තීරණය ගෙන තිබේ. මේ අනුව සතියේ අඟහරුවාදා, බදාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හිදී කෞතුකාගාරය විවෘතව පවතී. සඳුදා දිනදී කෞතුකාගාරයේ නඩත්තු හා පිලිසකර කටයුතු සඳහා වසා තබනු ලබයි.

රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය 1993 ප්‍රථම වතාවට ගුවන් යානා ආරක්ෂන හා සංරක්ෂනය කිරීමේ ස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය අතර අනතුරුව 2009 වසරේ එය ගුවන් හමුදා කෞතුකාගාරය ලෙස ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම ගුවන් යානා කෞතුකාගාරය ගුවන් හමුදා රත්මලාන කෞතුකාගාරය වීම විශේෂත්වයකි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි