ගුවන් හමුදාවෙන් ඩිවලොප්මන්ට් හෝල්ඩින් පුද්ගලික සමාගමේ ගිනි නිවීමේ සරඹයක
9:50am on Thursday 10th April 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ සරඹයක් කොළඹ ඩිවලොප්මන්ට් හෝල්ඩින් පුද්ගලික සමාගමේ පසුගිය අපේ‍්‍රල් මස 08 වන දින සවස සිදු කරන ලදී.

මෙහිදී ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් හදිසි ගිනි ගැනීම් අවස්ථාවකදී ජීවිත ගලවා ගැනීමේ ක‍්‍රම කිහිපයක නිදර්ශනයන් ඉදිරිපත් කරන ලදී. එහිදි කඹ ආධාරයෙන් තුවාල කරුවන් රැුගෙන ඒම, හදිසි තත්වයකදී උස් ස්ථානයක සිට පැනීමට භාවිතා කරනු ලබන සුළං පිරවූ බැලූනය මතට පැනීමේ ආදී නිදර්ශනයන් ඉදිරිපත් කරන ලදී.

ස්කොඞ්රන් ලීඩර් අමල් දසනායක විසින් මෙහෙයවනු ලැබූ ගුවන් හමුදා ගිනි නිවීමේ භඨයින් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ සරඹය සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි