ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර පුද කරයි.
11:02am on Thursday 3rd July 2014
නොයෙක් ක්‍රීඩාවන් ඔස්සේ තරග වැදි ශ්‍රි ලංකාවට මෙන්ම ගුවන් හමුදාවට ජාතික හා ජත්‍යන්තර වශයෙන් කිර්තිය අත් කර දුන්  ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 52නෙකුට ගුවන් හමුදාපති එයාර් මාර්ශල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් උපහාර පිලිගැන්වීමෙ උත්සවයක් ජුනි 26 වන දින උදැසන ගුවන් හමුදා මුලස්ථානයේදී පැවත්විණ.

ගුවන් හමුදාව ඉදිරියට ගෙන ඒමට ඔවුන් කල මහගු සේවය අගයා ගුවන් හමුදාපතිතුමන් විසින් ඔවුන්ව තව තවත් දිරිමත් කරන ලදී.මෙම උත්සවයට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුලු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය හා නිළධාරින්, සෙසු නිළයන් මේ සදහා සහභාගි විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි