කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ ”ද ස්කයි ගැලරි” විවෘත කරයි
8:50am on Thursday 24th July 2014
කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ මගපෙන්වීම මත කඳවුර තුළින්ම යොදා ගත් අමුද්‍රව්‍ය භාවිතා කොට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් නැරඹීම සඳහා ඉදිකරන ලද ”ද ස්කයි ගැලරි” නැරඹුම් මධ්‍යස්ථානය පසුගිය ජූලි මස 3 වන දින කඳවුරු අණදෙන නිළධාරීතුමන් විසින් විවෘත කරන ලදී. මෙම නැරඹුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුනගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සඳහා බාවිතා කල හැකිවේ. විවෘත කිරීමේ අවස්ථාවට කටුනායක කඳවුරේ නිළධාරීන් නිළධාරිනියන්, සෙස නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැුසක් සහභාගී වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි