ආරක්‍ෂක සේවා වොලිබෝල් ශූරතාවය ගුවන් හමුදාවට
3:33pm on Thursday 24th July 2014
2014 ආරක්‍ෂක සේවා වොලිබෝල් ශූරතාවළියේ කාන්තා සහ පිරිමි ශූරතාවයන් දෙකම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය ජූලි මස 4 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී පිරිමි අවසන් තරඟයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සම ශ‍්‍රී ලංකා යුධ හමුදාව තරඟ වැදුණු අතර තරඟ වට 3-0 ක් ලෙස තරඟය ජයග‍්‍රහණය කරන්නට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත්කම් දක්වන ලද අතර කාන්තා තරඟයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමඟින් ශ‍්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම තරඟ වැදුණු අතර එහිදීද තරඟ වට 3-0 ක් ලෙස ජයග‍්‍රහණය හිමිනකරගන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත්කම් දක්වන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි