ගුවන් හමුදාධිපති තුමන් විසින් ඉලංගම් මඩුව විවෘත කරයි
3:38pm on Thursday 24th July 2014
මොරවැව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඉදිකරන ලද ඉලංගම් මඩුව විවෘත කිරීම පසුගිය දා ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදුකරන ලදී. මෙම ඉලංගම් මඩුව ප‍්‍රථම වතාවට ගුවන් හමුදාව තුළ ඉදිකරන ලද අතර අංගම්පොර සටන් කලාවේ සුවිශේෂී සංධිස්ථානයකි.

ප‍්‍රථමයෙන්ම සමාධි බුද්ධ ප‍්‍රතිමාවක් නිරාවරණය කිරීම සිදු කරන ලද අතර අනතුරුව ඉලංගම් මඩුවෙහි පොල්තෙල් පහන් දල්වමින් ඉලංගම් මඩුව විවෘත කිරීම සිදු කරන ලදී. මෙහිදි ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විසින් අංගම් හා ඉලංගම් ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කරන ලදී. එසේම අංගෙ මැඩිල්ල රනපිල අංගම්පොර පරම්පරාව මගින් අංගම්පොර සංදර්ශනයක්ද  ඉදිරිපත් කරන ලදි.

ගුවන් හමුදා අංගම්පොර සභාපති එයාර් කොමඩෝර් කැමිලස් ලැබ්රෝයි, මොරවැව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුලෝචන මාරප්පෙරුම, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රොහාන් පතිරන, අංගම්පොර සංගමයේ ලේකම් විංග් කමාන්ඩර් නිමල් පිටිගල, අංගම්පොර සංගමයේ සහකාර ලේකම් ස්කොඞ්රන් ලීඩර් නන්දක කුමාර සහ ගුවන් හමුදා අංගම්පොර සංචිතයේ ප‍්‍රධාන ගුරු දේශමාන්‍ය දොස්තර අජන්ත මහන්තාරච්චි ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි