ඊගල්ස් ලේක් සයිඞ් උත්සව ශාලාව 100 වෙනි කඩඉම පසු කරයි
3:03pm on Tuesday 19th August 2014
රත්මලාන අත්තිඩියේ පිහිටි ගුවන් හමුදා ඊගල්ස් ලේක් සයිඞ් උත්සව ශාලාව එහි පවත්වනු ලබන 100 වෙනි උත්සවය පසුගිය ජූලි මස 23 වන දින පවත්වන ලදි.

ගුවන් හමුදා නිළධාරී ෆ්ලයිට් ලෙෆ්ටිනන් උදිත් පතිරන හා උදේශිකා පරණමාන්න යුවලගේ විවාහ මංගලෝත්සවය උත්සව ශාලාවේ 100 වෙනි උත්සවය වශයෙන් පවත්වන ලදි.

2013 වසරේ නොවැම්බර් මස 12 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් විවෘත කරන ලද ඊගල්ස් ලේක් සයිඞ් උත්සව ශාලාවෙහි මේ වන විට විවාහ උත්සව 59 ක්ද, අනෙකුත් උත්සවයන් 41 ක්ද පවතිවා ඇත.

2013 වසරේ පැවති 23 වෙනි පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේ ව්‍යාපාරික සමුළුව වෙනුවෙන් පැමිණි දෙස් විදෙස් ව්‍යාපාරිකයන් වෙනුවෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් රාත‍්‍රි භෝජන සංග‍්‍රහය පවත්වන ලද්දේද ඊගල් ලේක් සයිඞ් උත්සව ශාලාවේදීය.

http://www.airforce.lk/eagles_lakeside/
 
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි