අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය 2014
3:07pm on Tuesday 19th August 2014
2014 අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය පසුගිය ජූලි මස 25 වෙනි දින වෙන්නප්පුව ඇල්බට් පීරිස් ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදි කොළඹ ගුවන් හමුදා කඳවුර හා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගන්නා ලදී.

පිරිමි අවසන් මහා තරඟයේදී කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය පරසදවන ලද අතර කාන්තා තරඟයේදි ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් කොළඹ ගවන් හමුදා කඳවුර පරාජය කරන ලදි.

ගුවන් හමුදා අත්පන්දු සම්මේලනයේ සභාපති ගෲප් කැප්ටන් ජේඒ නානායක්කාර ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි