රණවිරු රියල් ස්ටාර් හතරවෙනි මෙහෙයුම නිමාවෙයි
3:09pm on Tuesday 19th August 2014
රණවිරු රියල් ස්ටාර් හතරවෙනි මෙහෙයුම පසුගිය ජූලි මස 26 වෙනි දින රාත‍්‍රියෙහි සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. මෙහිදී අවසන් තරඟකරුවන් හත්දෙනා වෙනුවෙන් වාර්තාගත මිලියන 10 කට අධික එස්එම්එස් ප‍්‍රමාණයක් ලැබිණි.

මෙහිදී ප‍්‍රධාන ආරාධීත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය සහභාගී විය.

රණවිරු රියල් ස්ටාර් හතරවන මෙහෙයුමෙහි ජයග‍්‍රහණය කැප්ටන් අරුණි සිල්වා විසින් හිමිකරගත් අතර ජයග‍්‍රාහකයාට හිමි මිලියන 20 ක් වටිනා නිවසෙහි යතුර භාර දීම ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය විසින් සිදු කරන ලදි. අවස්න හත්දෙනා අතරට එක්වූ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ එකම නියෝජනය වූ නායක ගුවන් භට දේශාන් දයාරත්න දෙවන ස්ථානය දිනා ගනු ලැබූ අතර ටොයෝටා යාරිස් වර්ගයේ මෝටර් රථය සහ රුපියල් මිලියනයක ට හිමිකම් කියන ලදී.

තුන්වන ස්ථානය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය සහායක රිෂී සහ යුධ හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල් කේඑස් සුරංග විසින් දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ රොෂානි ගුණතිලක මැතිණිය විසින් නායක ගුවන් භට දේශාන් දයාරත්න හට සුභ පතන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි