රත්මලාන කඳවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 03 හි ශ‍්‍රමදානයක්
3:10pm on Tuesday 19th August 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ අනුදැනුම මත පසුගිය ජූලි මස 22 වන දින මුල්ලේරියාව වාට්ටු අංක 03 හි ශ‍්‍රමදාන ව්‍යාපාරයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් සිදු කරනලදි.

ඊට අමතරව රත්මලාන ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් රොගීන් 31 දෙනෙකු සඳහා සනීපාරක්‍ෂක උපකරණ හා දිවා ආහාරය ලබාදීම  ජූලි මස 23 වන දින සිදුකරන ලදී. රත්මලාන කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඞීකේටී ජයසිංහ, රත්මලාන ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජයසිංහ මහත්මිය, රත්මලාන කඳවුරේ නිළධාරීන්, නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි