ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු පෙරපාසලේ වාර්ෂික ක‍්‍රීඩා උත්සවය
3:49pm on Tuesday 19th August 2014
කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු පෙරපාසලේ වාර්ෂික ක‍්‍රීඩා උත්සවය පසුගිය අගෝස්තු මස 5 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

තූර්ය වාදක සංදර්ශනයක් සහ විවිධාකර වූ විනෝදාත්මක ක‍්‍රීඩා අංග රැුසකින් සමන්විත වූ මෙම ක‍්‍රීඩා උත්සවය සඳහා සමන්ති බුලත්සිංහල මහත්මිය, වයලට් සිරිවර්ධන මහත්මිය, ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාඑර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා, කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසී වීරකෝන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි