අන්තර් ඒකක ටී-20 ක්‍රිකට් තරඟාවළිය
5:07pm on Tuesday 19th August 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ටී-20 ක්‍රිකට් තරඟාවළිය පසුගියදා කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. එහිදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පරදවා  කටුනායක කඳවුරු 26 වන රෙජිමේන්තු පක්ෂාංගය සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පරදවා රත්මලාන ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ජයන්ත අමරසිංහ මහතා සහභාගී වූ අතර ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ජේඑස්අයි විජේමාන්න, එයාර් කොමඩෝර් කේඑෆ්ආර් ප්‍රනාන්දු සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසි වීරකෝන්, ගුවන් හමුදා නිළධාරීන් නිළධාරිනියන් සහ සෙසු නිලයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි