නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ අතුරුදහන් වූ ජර්මන් ජාතික කාන්තාව ගුවන් හමුදාවෙන් සොයා ගනී
5:46pm on Wednesday 29th October 2014
නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ ඔක්තෝබර් මස 25 වන දින දහවල් 1335 ට පමණ අතුරුදහන් වූ ජර්මන් ජාතික කාන්තාවක් සොයා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 7 වන බළඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් විශේෂ මෙහෙයුමක් දියත්කරන ලදී.

ශ‍්‍රී ලංකා පොලීසිය මගින් කරන ලද විශේෂ ඉල්ලීමක් මත ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ  කණ්ඩායමක් සහ ගුවන් අවිකරු සාමාජිකයෙකු ශ‍්‍රී ලංකා පොලිස් නිළධාරියෙකු සමග හිඟුරක්ගොඩ කඳවුරු මූලස්ථානයෙන් පිටත්ව ගුවනින් නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ විනාඩි 30ක් පමණ මෙම මෙහෙයුම සිදුකරන ලදී.

එම අවස්ථාවේ පැවති අධික සුලං තත්වයත්, අයහපත් කාළගුණයත් නොතකා විදේශීය කාන්තාව සොයා මෙහෙයුම සිදු කලත් දිගින් දිගටම දරුණු වන කාළගුණය හමුවේ හෙලිකොප්ටර් යානය හැසිරවීම අසීරු වූ බැවින් ගුවන් යානය ආරක්‍ෂිත ස්ථානයක ගොඩ බස්සවා ගුවනින් මෙහෙයුම තාවකාලිකව නවතා, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ එක් සාමාජිකයකු සහ ගුවන් අවිකරු සාමාජිකයෙකු විදේශිය කාන්තාව සොයා ගොඩබිම් මෙහෙයුමක් දියත්කරන ලදී. අතුරුදන්වූ ප‍්‍රදේශයේ කරන ලද මෙහෙයුමෙන් අතුරුදන්වූ විදේශීය කාන්තාව සොයාගැනීමට හැකි වූ අතර, ඇය විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුකරන ලදී. නැවත හෙලිකොප්ටර් යානය හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර වෙත පැමිණෙන ලදී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි