රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය පස්වන සංවත්සරය සමරයි
4:43pm on Friday 21st November 2014
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහලේ පස්වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරන ලදී. එහිදී සංවත්සරය සමරමින් යශෝධරාදේවී බාලිකා නිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ වෛද්‍ය සායනයක් නොවැම්බර් මස 10 වන දින පවත්වන ලදි.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී සංවත්සර පෙළපාලිය නොවැම්බර් මස 11 වන දින උදෑසන රොහල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීඒවී පද්මපෙරුම ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

සුහද ක‍්‍රිකට් තරඟයක් රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ අතර රෝහල් විනෝද කටයුතු ඒකකය මගින් සුහද හමුවක් රත්මලාන කඳවුරු ක‍්‍රිඩාංගනයේදී එදින සවස පවත්වන ලදී.

රත්මලාන කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඞීකේටී ජයසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් ඞීඑම්එස් කරුනාරත්න විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභෘගී විය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පක්‍ෂාංග අණදෙන නිළධාරීන් අංශභාර බලලත් නිළධාරීන්ද මෙම අවස්ථාවට එක්විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි