පෙර පාසල් දරුවන්ට අක්‍ෂි සායනයක්
2:17pm on Sunday 23rd November 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර පෙර පාසලේ දරුවන් සඳහා අක්‍ෂි සායනයක් පසුගිය නොවැම්බර් මස 19 වන දින ගුවන් පුර ගුවන් හමුදා පෙරපාසල් පරිශ‍්‍රියේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ අදහසකට අනුව කොළඹ විෂන් කෙයාර් ඔප්ටිකල් පුද්ගලික සමාගම සහ එක්ව මෙම සායනය පවත්වන ලදී.

දරුවන් 46 දෙනෙකු පමණ සහභාගී වූ මෙම අක්‍ෂ සායනය විෂන් කෙයාර් පුද්ගලික සමාගමේ අක්‍ෂි විශේෂඥ විරංග පෙම්සිරි මහතා විසින් මෙහෙයවන ලදී. මෙහිදී කන් පරීක්‍ෂා කිරීමද සිදුකරන ලදී. එසේම දෙමාපියන් සහ ගුරුවරුන් වෙනුවෙන් අක්‍ෂි සහ කන් සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද පවත්වන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණිය සහ ගුවන් හමුදා කොළඹ කවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එම්ඒඞීපී පායෝ මෙහි සමාරම්භක උත්සවයට සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි