ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මලල ක‍්‍රීඩා තරඟාවළිය 2014
10:21am on Tuesday 25th November 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් එකක මලල ක‍්‍රීඩා තරඟාවළිය පසුගිය නොවැම්බර් මස 20 සහ 21 යන දෙදින පුරාවට කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදි. කොළඹ ගුවන් හමුදා කඳවුර සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු සැපයුම් හා නඩත්තු පක්‍ෂාංගය පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන්ට හිමිකම් කියන ලදී.

දක්‍ෂතම මලල ක‍්‍රීඩකයාට පිරිනැමෙන ලක්‍ෂමන් ද අල්විස් අභියෝගතා කුසලානය දිනා ගැනීමට කැඩෙට් නිළධාරී කොස්වත්ත ඞීඑන්එම්එල් සමත්කම් දැක්වූ අතර දක්‍ෂතම මලල ක‍්‍රීඪිකාවට පිරිනැමෙන මලල ක‍්‍රීඩා සභාපති අභියෝගතා කුසලානය දිනා ගැනීමට ගුවන් කාන්තා ජයතිස්ස ජීආර්ඊඑස්  සමත්කම් දක්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් කේවීබී ජයම්පති ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි