”සඳහිරු සෑය” සර්වඥ ධාතු තැන්පත් කිරීම
12:01pm on Tuesday 25th November 2014
අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයෙහි කපිලවස්තුපුර සර්වඥ ධාතු තැන්පත් කිරීම පසුගිය නොවැම්බර් මස 23 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අතින් සිදු කරන ලදී. ත‍්‍රස්ථවාදයෙන් දේශය මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ඉදිකරනු ලබයි. මෙම අවස්ථාවට ආණ්ඩුකාරවරුන්, මැතිඇමතිවරුන්, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංහ ලේකම් තුමන්, ත‍්‍රිවිධ හමුදාධිපති වරුන්, ඇතුළු අති විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

පුරාණ රජවරුන්ට පසුව මේසා විශාල ස්ථූපයක් ඉදිකිරීමේ පළමුවන අවස්ථාව මෙය වන අතර මෙම ස්ථූපය ඓතිහාසික රුවන්වැලි මහා සෑයට පමණක් විශාලත්වයෙන් දෙවෙනි වේ. ධාතු තැන්පත් කිරීම ඒ සඳහා විශේෂයෙන් තැනූ කුටියක සිදු කරන ලදී. ලංකාවේ ප‍්‍රධාන විහාරස්ථාන පහක තිබූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් මෙම ධාතූන් වහන්සේලා සමන්විත වන අතර ස්වාමීන් වහන්සේලාගේ සුරක්‍ෂිත අවධානය යටතේ අතිගරු ජනාධිපතිතුමන් විසින් තැන්පත් කරන ලදී. අනර්ඝ ගලින්  කරවන ලද නෙළුම් මලක් මත මෙම ධාතූන් වහන්සේලා හිඳුවා දඹ රනින් කරවන ලද ස්ථූපයක තැන්පත් කොට එය වටිනා මැණික් ගලින් හැඩ දමා තිබේ.

ත‍්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්‍සක සේවා සමාජිකයින් විසින් සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි