කටුනායක ගුවන් හමුදා කඳවුරේ නත්තල් සැරසිලි
2:57pm on Friday 26th December 2014
කටුනායක ගුවන් හමුදා කඳවුර අලංකාර නත්තල් සැරසිලි වලින් කඳවුරු පරිශ‍්‍රය සරසා 2014 නත්තල් උත්සවය සංකේතවත් කර තිබේ. කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරණ ගේ මගපෙන්වීම මත සමාජ සුහදතාවය වර්ධනය කරනු පිණිස මෙම සැරසිලි කිරීම සිදු කරන ලදී.

කඳවුරු ප‍්‍රධාන ගේට්ටුව අභියස ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදායානුකූලව ගවමඩුවක් සාදා එය සැරසිලි කොට නත්තල් ගසක් සිටුවා එයද සැරසිලි කොට හිමයානයක නැගි නත්තල් සීයා ගේ අනුරුවක්ද ඇතුලත් කොට අලංකාර ලෙස ප‍්‍රදර්ශනය කරන ලදී. 

නත්තල් සැරසිලි විවෘත කිරීම ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංග අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ඞී රත්නායක විසින් සිදු කරන ලද අතර අනෙකුත් පක්‍ෂාංග අණදෙන නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි