ලේක් වීව් නිවාඩු නිකේතනය විවෘත වෙයි
11:33am on Tuesday 30th December 2014
අළුතින් ඉදිකරන ලද ලේක් වීව් නිවාඩු නිකේතනය වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩිල්ෂාන් වාසගේ ගේ ආරාධනයෙන් පසුගිය දෙසැම්බර් මස 27 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් සිදු කරන ලදී. සෙල්ල කතරගම අක්කරවිස්ස වැවට මුහුණුලා ඉදිකර ඇති මෙම නිවාඩු නිකේතනය වායු සමනය කරන ලද කාමර තුනකින් සමන්විත වන අතර විශේෂ පහසුකම් රැසකින්ද සමන්විත වේ.

මෙම නිවාඩු නිකේතනය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් නිළය ඇතුළුව ඉන් පහත නිළධාරීන් සඳහා පහසුකම් සලසා ගත හැකි වේ. මෙම නිවාඩු නිකේතනයේ සිට ඉතා පහසුවෙන් කතරගම, සෙල්ල කතරගම, යාල ජාතික වනෝද්‍යානය සහ කිරින්ද ආදී ස්ථාන නැරඹීම සඳහා පහසුකම් සලසා ගත හැකිය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. එසේම වීරවිල කඳවුරේ අළුතින් ඉදිකරන ලද කෝප‍්‍රල්වරුන්ගේ සමාජ ශාලාව විවෘත කිරීමද ගුවන් හමුදාධිපතිතුමන් අතින් සිදුවිය. මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියද සහභාගී වූවාය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි