2010 සහය දිවීමේ සැණකෙළියේ ශූරතාවය ගුවන් හමුදාවට
6:35pm on Monday 17th May 2010
2010 මැයි මස 14 දින සිට 16 දින දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ පැවති 2010 සහය දිවීමේ සැණකෙළියේ කාන්තා සහ පිරිමි දෙඅංශයේම ශූරතාවය දිනාගන්නට ගුවන් හමුදාව සමත් විය.

ගුවන් හමුදා කාන්තා මලල ක‍්‍රීඩා කණ්ඩායම සහය දිවීමේ සැණකෙළියේ ශූරතාවය දිනා ගත් 06 වන අවස්ථාව මෙය වන අතර පිරිමි මලල ක‍්‍රීඩා කණ්ඩායම ශූරතාවයකට හිමිකම් කියූ ප‍්‍රථම අවස්ථාවයි. එසේම ගුවන් හමුදා මලල ක‍්‍රීඩා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කාන්තා සහ පිරිමි දෙඅංශයේම ශූරතාවය දිනාගනු ලැබුවේ ගුවන් හමුදා මලල ක‍්‍රීඩා ඉතිහාස පොතේ නැවුම්පිටුවක් පෙරලමිනි.

මෙම තරඟාවලියට ශ‍්‍රී ලංකාවේ විවිධ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කාන්තා පිරිමි දෙඅංශයේම විවිධ වයස් සීමාවන් යටතේ 3000 කට අධික තරඟකරුවෝ පිරිසක් සහභාගී වූහ.

පිරිමි මලල ක‍්‍රීඩා කණ්ඩායම සහභාගී වුණු සහය දිවීමේ තරඟ ඉසව් 06 න් ප‍්‍රථම, දෙවන සහ තුන්වන ස්ථාන දෙක බැගින් ලබා ගනිමින් ප‍්‍රසාද ලකුණු 44 කට හිමිකම් කියනු ලැබුවේ යුධ හමුදාව (41) සහ නාවික හමුදාව (35) පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයන්ට පත්කරමිනි.

කාන්තා මලල ක‍්‍රිඩා ”ඒ” කණ්ඩායම තමන් සහභාගී වූ සහය දිවීමේ ඉසව් 06 දී ශ‍්‍රී ලංකා වාර්ථාවක් සහ නව තරඟ වාර්ථා හතරක් බිහිකරමින් සියළුම ඉසව් වල ප‍්‍රථම ස්ථාන ලබා ගත්තේ ප‍්‍රසාද ලකුණු 60 ක් ලබා ගනිමිනි. එහිදී යුධ හමුදා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 35 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට හිමකම් කියද්දී ප‍්‍රසාද ලකුණු 20 ක්ලබා ගනිමින් ගුවන් හමුදා කාන්තා ”බී” කණ්ඩායම තුන්වන ස්ථානය දිනා ගන්නට සමත් විය.

Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010Air Force Creates History At Relay Carnival 2010

ගුවන් හමුදා කීඩක ක‍්‍රීඩිකාවන් ලබා ගත් ජයග‍්‍රහණ.....

පිරිමි සහය දිවීමේ කණ්ඩායම..
මීටර 100 සහය දිවීම

දෙවන ස්ථානය

ගුවන් භට නුවන් පක්ෂගෙදර
ගුවන් භට කුලතුංග ඞී.ඊ.
ගුවන් භට ද මෙල් එල්.ඊ.
ගුවන් භට සඳරුවන් එම්.එම්.


මීටර 200 සහය දිවීම
තුන්වන ස්ථානය

ගුවන් භට වික‍්‍රමසිංහ යූ.ජී.
ගුවන් භට කුලතුංග ඞී.ඊ.
ගුවන් භට ද මෙල් එල්.ඊ.
ගුවන් භට ආලවක ඩබ්.ජී.


මීටර 400 සහය දිවීම
 ප‍්‍රථම ස්ථානය

ගුවන් භට වික‍්‍රමසිංහ යූ.ජී.
ගුවන් භට ආලවක ඩබ්.ජී.
ගුවන් භට ධර්මරත්න
ගුවන් භට අංජන

 
මීටර 800 සහය දිවීම
තෙවන ස්ථානය

නායක ගුවන් භට විජේසිංහ ආර්.ඒ.එල්.
නායක ගුවන් භට සුගත් ප‍්‍රියන්ත
ගුවන් භට අමින්ද
ගුවන් භට අංජන


මීටර 1500 සහය දිවීම
දෙවන ස්ථානය

කෝප‍්‍රල් චමින්ද එම්.ආර්.
නායක ගුවන් භට විජේසිංහ ආර්.ඒ.එල්.
ගුවන් භට ලක්මාල්
ගුවන් භට කුමාර


මිශ‍්‍ර සහය දිවීම
ප‍්‍රථම ස්ථානය

ගුවන් භට අංජන
ගුවන් භට ආලවක ඩබ්.ජී.
ගුවන් භට වික‍්‍රමසිංහ යූ.ජී.
ගුවන් භට ද මෙල් එල්.ඊ.
 
කාන්තා සහය දිවීමේ කණ්ඩායම..

මීටර 100 සහය දිවීම
ප‍්‍රථම ස්ථානය

කෝප‍්‍රල් ප‍්‍රමිලා පි‍්‍රයදර්ශනී
කෝප‍්‍රල් සුජානි බුද්ධිකා
ගුවන් කාන්තා සුභාෂිණී රස්නායක
ගුවන් කාන්තා යමුනා අබේවික‍්‍රම


මීටර 200 සහය දිවීම
ප‍්‍රථම ස්ථානය

කෝප‍්‍රල් ප‍්‍රමිලා පි‍්‍රයදර්ශනී
කෝප‍්‍රල් සුජානි බුද්ධිකා
ගුවන් කාන්තා සුභාෂිණී රස්නායක
ගුවන් කාන්තා යමුනා අබේවික‍්‍රම


මීටර 400 සහය දිවීම
ප‍්‍රථම ස්ථානය

ගුවන් කාන්තා සුභාෂිණී රස්නායක
ගුවන් කාන්තා දීපිකා
ගුවන් කාන්තා නිසංසලා
ගුවන් කාන්තා නිලංකා

 
මීටර 800 සහය දිවීම
ප‍්‍රථම ස්ථානය

නායක ගුවන් කාන්තා ශානිකා සමන්මලී
ගුවන් කාන්තා සඳකාන්ති
ගුවන් කාන්තා කුලරත්න
ගුවන් කාන්තා සංජීවනී


මීටර 1500 සහය දිවීම
ප‍්‍රථම ස්ථානය

නායක ගුවන් කාන්තා ශානිකා සමන්මලී
ගුවන් කාන්තා සඳකාන්ති
ගුවන් කාන්තා කුලරත්න
ගුවන් කාන්තා සංජීවනී


මිශ‍්‍ර සහය දිවීම
ප‍්‍රථම ස්ථානය

කෝප‍්‍රල් ප‍්‍රමිලා පි‍්‍රයදර්ශනී
කෝප‍්‍රල් සුජානි බුද්ධිකා
නායක ගුවන් කාන්තා ශානිකා සමන්මල
ගුවන් කාන්තා සුභාෂිණී රස්නායක

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි