ඉරණමඩු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන් උදෙසා සමාජ සත්කාර වැඩසටහනක්
4:40pm on Friday 13th March 2015
ශ්‍රී ලංකා ‍ගුවන් හමුදා සේවා වනිතා ඒකය විසින් සංවිධානය කරන ලද සමාජ සේවා වැඩසටහනක් පසුගිය මාර්තු මස 11 වන දින ඉරණමඩු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත  පාසල් දරුවන් උදෙසා ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ සහයෝගයෙන් පවත්වන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ මගපෙන්වීම මත ඉරණමඩ ගුවන් හමුදා කඳවු‍රු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් මනෝජ් ගලප්පත්ති විසින් ක්‍රියාත්මක කරන ලදී.

මෙහිදී වට්ටකච්චි ප්‍රාථමික පාසලට අළුතින් ඉදිකරන ලද සිසුන් 50 දෙනෙකු හට භාවිතා කල හැකි පරිඝණක විද්‍යාගාරයක් සහ අල්ගපුරි විද්‍යාලය වෙත සිසුන් 60 දෙනෙකු හට භාවිතා කල හැකි අංග සම්පූර්ණ පුස්ථකාලයක් භාරදීම සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණිය, ගුවන් හමුසා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ඉරණමඩු ගුව් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් මනෝජ් ගලප්පත්ති, ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි