ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම 29 වන රූපවාහිනී තරුණසේවා වොලිබෝල් ශූරතාවයට හිමිකම් කියයි
2:44pm on Friday 17th April 2015
ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම 29 වන රූපවාහිනී තරුණසේවා වොලිබෝල් ශූරතාවය දිනා ගැනීමට පසුගිය අප්‍රේල් මස 11 වන දින සමත්විය. තරඟාවළිය මහරගම ජාතික තරැණෙස්වා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරෙය්දී පවත්වන ලදී.

මෙහිදි ශ්‍රී ලංකා විදේශ සේවා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර අවසන් තරඟය පැවැත්වුණු අතර එහිදී 25-17. 25-20 සහ 25-09 ක් ලෙස තරඟ වට 3-0 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

තරඟාවළියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් කාන්තා අනූෂා සඳමාලි සුදුසුකම් ලැබූ අතර ගුවන් හමුදාවේම ගුවන් කාන්තා අෂානි චමෝදිකා සහ ගුවන් කාන්තා චතුරිකා ගයානි පිළිවෙලින් දක්ෂතම පන්දු ඔසවන්නි ලෙස සහ දක්ෂතම පන්දු වලක්වන්නිය ලෙස සම්මාන හිමිකර ගන්නා ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි