ගුවන් හමුදාපතිතුමා නිතරගයෙන් ර්ග්බි පාපන්දු සංගමයේ සභාපති ලෙස පත් වෙයි.
8:11pm on Tuesday 1st June 2010
ඊයේ (31) රග්බි පාපන්දු සංගම් මුලස්ථානයේ පැවති නිලවරණයේදී රග්බි පාපන්දු සංගමයේ නව සභාපති ලෙස වැඩ බලන මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති එයාර් ච්ෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා නිතරගයෙන් පත්විය.   

ශාන්ත පීතර විද්‍යාලයේ ස්ක්‍රම් හාර්ෆ් ක්‍රීඩකයකු ලෙසත් 1978 සිට 1984 දක්වා ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ ෆ්ලැන්කර් ක්‍රීඩකයකු ලෙසත් ක්‍රිඩා කර ඇති අති දක්ෂ ක්‍රීඩකයෙකි. එසේම එතුමා දැනට ගුවන් හමුදා ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් ගුවන් හමුදාවේ සෑම ක්‍රීඩා අංශයක්ම දියුණු කරමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ක්‍රීඩකයින් රැසක් දායාද කර ඇති කාර්යශූර ගුවන් හමුදාපතිවරයෙකි.  

රග්බි පාපන්දු සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින්  ශ්‍රි ලංකාවේ රග්බි ක්‍රිඩාවේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමට අවැසි ශක්තිය එතුමා සතුව නොඅඩුව ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි