මළල ක‍්‍රීඩිකා නිමාලි ලියනආරච්චි හට ගුවන් හමුදාවෙන් උසස්වීමක්
8:41am on Friday 17th July 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බලත්සිංහල විසින් මළල ක‍්‍රීඩිකා නායක ගුවන් කාන්තා නිමාලි ලියනලආරච්චි 2015 ජූලි මස 14 වන දින සිට කෝප‍්‍රල් නිළයට උසස් කිරීම සිදු කරන ලදී. ඇය විසින් තායිලන්තයේ පැවති ආසියානු ගෝන් ප‍්‍රී තරඟාවලියේදී සහ 21 වන ආසියානු මලල ක‍්‍රීඩා තරඟාවලියේදී පදක්කම් දිනා ගැනීමට සමත් වීම මෙලෙස උසස්වීමක් ප‍්‍රදානය කිරීමට හේතු විය. 2015 ජූලි මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ඇයට මෙම උසස්වීම මෙන්ම මුදල් ප‍්‍රදානය කිරීමක්ද සිදුකරන ලදී.

වැවේගම කණිෂ්ඨ විද්‍යාලය මගින් ලක් මාතාවට දායද කල අති දක්ෂ ක‍්‍රීඩිකාවක් වන නිමාලි ලියනආරච්චි දෙවතාවක්ම ජාතික වාර්තාවට හිමිකම් කියන ලදී. 2009 වසරේදී ගුවන් හමුදාවට එක්වුණු මැය පසුගිය මසදී අවසන් වුණු ආසියානු ගෝන් ප‍්‍රී තරඟාවලියේදී රන් පදක්කම් 3 ක් සහ පසුගිය මසදී අවසන් වුණු ආසියානු මලල ක‍්‍රීඩා තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී.

කැපවීමෙන්, උත්සාහයෙන් ඇය විසින් ලබා ගත් මෙම ජයග‍්‍රහණයන් ඇගයීමද මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී. ගුවන් හමුදා මලල ක‍්‍රීඩා සභාපති එයාර් කොමඩෝර් සුදර්ශන පතිරන, ගුවන් හමුදා මලල ක‍්‍රීඩා ලේකම් ගෲප් කැප්ටන් දීපාල් මුණසිංහ, ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිලයේ ලේකම් විංග් කමාන්ඩර් පද්මන් ඩි කෝස්තා සහ ගුවන් හමුදා මලල ක‍්‍රීඩා සහ ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිල නිළධාරීන්  පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි