වාර්ෂික මාර්ග ධාවන තරඟයේ සමස්ථ ශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුරට
8:44am on Thursday 23rd July 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද 2015 වාර්ෂික මාර්ග ධාවන තරඟාවළියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර පසුගිය 2015 ජූලි මස 18 වන දින සමත්කම් දක්වන ලදීග එහිදී  දියතලාව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම අනු ශූරතාවය දිනා දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා  කොළඹ  කඳවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයෙන් අවසන් වූ මෙම ධාවන තරගය සඳහා ගුවන් හමුදා නිළධාරීන්, නිළධාරිනියන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 500 කට අධික ප‍්‍රමාණයක් සියලුම කඳවුරු නියෝජනය වන පරිදි මේ සඳහා සහභාගී වූ අතර විවිධ වයස් කාණ්ඩයන් යටතේ ඔවුන් තරඟ වදින ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා  ගුවන් මෙහෙයුමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල්  කපිල ජයමිපති ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

තරග විස්තර
සමස්ථ ශූරතාවය -  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ
තරඟාවළියේ මාර්ග ධාවන ශූරයා -  31115 කෝප්‍රල් සොයිසා වී පී එම් : කොළඹ ගුවන් හමුදා කඳවුර
තරඟාවළියේ මාර්ග ධාවන ශූරිය - ඒඩබ්01755 නායක ගුවන් කාන්තා සමරවීර බීජීසී :දියතලාව ගුවන් හමුදා කඳවුර

පිරිමි තරග විස්තර
අවු. 25ට අඩු වයස් කාණ්ඩය (කි.මී.07)
පළමු ස්ථානය - නාගුභ මනිගමුව - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්  තොටුපොල ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - නාගුභ ගුණපාල - මොරවැව ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය - ආගුභ අබේරත්න - දියතලාව ගුවන් හමුදා කඳවුර

අවු. 25-30 අතර වයස් කාණ්ඩය (කි.මී.07)
පළමු ස්ථානය - කෝප්‍රල් සොයිසා - කොළඹ ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - කෝප්‍රල් කස්තුරිආරචිචි - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්  තොටුපොල ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය - නාගුභ සුසන්ත - කටුනායක ගුවන් හමුදා කඳවුර

අවු. 30-35 අතර වයස් කාණ්ඩය (කි.මී.07)
පළමු ස්ථානය - කෝප්‍රල් තිලකසිරි - දියතලාව ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - සැරයන් උදයකුමාර - හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය - කොප්‍රල් ගුණරත්න  - මොරවැව ගුවන් හමුදා කඳවුර

අවු. 35-40 අතර වයස් කාණ්ඩය (කි.මී.02)
පළමු ස්ථානය - නාගුභ සමිපත් - කොළඹ ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - නාගුභ ද සිල්වා - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්  තොටුපොල ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය - සැරයන් ගුණරත්න  - පාලවිය ගුවන් හමුදා කඳවුර

අවු. 40-45 අතර වයස් කාණ්ඩය (කි.මී.02)
පළමු ස්ථානය - සැරයන් විජයන්ත - චීනවරාය ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - කොප්‍රල් ලියනගේ  - කොග්ගල ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය - සැරයන් දයාරත්න  - පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර

අවු. 45-50 අතර වයස් කාණ්ඩය (කි.මී.02)
පළමු ස්ථානය - කොප්‍රල් වික්‍රමසිංහ - හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - කොප්‍රල් උඩුරාවන  - අනුරාධපුර ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය - කොප්‍රල් ගුණසේකර  - මඩකලපුව ගුවන් හමුදා කඳවුර

අවු. 50 වැඩි වයස් කාණ්ඩය (කි.මී.02)
පළමු ස්ථානය - සැරයන් සිල්වා  - රත්මලාන ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - එයාර් කොමඩෝර් කේ ඒ එල් රණතුංග  - කොළඹ ගුවන් හමුදා කඳවුර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි