ජපානයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට ශිෂ්‍යත්ව සහ ඇස් කණ්නාඩි ප‍්‍රදානය කෙරේ
5:28pm on Monday 27th July 2015
ජපාන ලංකා මිත‍්‍රත්ව සංවිධානය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත ශිෂ්‍යත්ව සහ ඇස් කණ්නාඩි ප‍්‍රදානය කිරීමක් සිදු කරන ලදී. මෙය ජපන් ලංකා මිත‍්‍රත්ව සංවිධානය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ආධාර සැපයීමේ වැඩසටහනෙහි දෙවන අදියර වේ. මෙහි පළමු අදියර යටතේ ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථයක් පසුගියදා ප‍්‍රදානය කරන ලදී.

ශිෂ්‍යත්ව සහ ඇස්කණ්නාඩි ඇතුන්‍දා උපකරණ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට ප‍්‍රදානය කිරීමේ උත්සවය ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා සහ මානෙල් පෙරේරා මහත්මියගේ අනුදැනුම යටතේ ජූලි මස 27 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවනාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මූල්‍ය ආධාර, ඇස් කණ්නාඩි සහ පාසල් උපකරන භාර ගැනීම සේවා වනිතා ඒකකය නියෝජනය කරමින් පැමිනි මානෙල් පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලදි.

මෙය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට ජපන් ලංකා මිත‍්‍රත්ව සංවිධානය මගින් ආධාර ප‍්‍රදානය කරන ලද ප‍්‍රථම අවස්ථාව විය. මෙම අවස්ථාවට සහභාගී වූ ජපාන නියෝජිතයින් පිරිසට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නර්තන කණ්ඩායම මගින් අලංකාර දේශීය නර්තන අංග කිහිපයක් ඉදිරිපත් කරන ලදි.
 
මෙම නියෝජිත පිරිසට ජපන් ලංකා මිත‍්‍රත්ව සංවිධානයේ ප‍්‍රධනී ආචාර්‍ය ලාල් තිලකරත්න ඇතකම මේ සඳහා දායකත්වය දැක්වු ජපන් ජාතිකයින් කිහිප දෙනෙකු ඇතුළත් විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි