සේවා වනිතා ඒකකයේ සභාපතිණිය ඉන්දියානු සංචාරයක
12:12pm on Monday 3rd August 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගියදා සහභාගී වූ ඉන්දීය සංචාරය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය සමන්ති බුලත්සිංහල මහත්මියද එක් විය.

මෙම සංචාරය සදහා සහභාගී වු එතුමිය පිළිගනු ලැබූවේ ඉන්දීය ගුවන් හමුදා භාර්‍යයාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිණිය වන ලිලී රහා මහත්මිය විසිණි.
 
සංචාරය අතරතුර ලිලී රහා මහත්මිය හා ශ්‍රී ලංකා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සමන්ති බුලත්සිංහල මහත්මිය අතර ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ පවුල් සදහා සමිපුර්ණ කල යුතු සුභසාධන කටයුතු පිළිබදව තමන් ලද අත්දැකීමි හුව මාරු කර ගන්නා ලදි.

මෙම සංචාරයේදී ඉන්දීය භාර්‍යවන්ගේ සුභසාධක සංගමයේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසලේ හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිටින අබාධිත දූ දරුවන් සදහා ලබා දුන් භෝජන සංග්‍රහය සදහා ශ්‍රී ලංකා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය සමන්ති බුලත්සිංහල මහත්මියද සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි