අන්තර් ඒකක රග්බි තරඟ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරට
11:42am on Monday 10th August 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරඟාවලියෙහි අවසාන තරඟය 2015 අගෝස්තු මස 08 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන කඳවුරෙහි පැවැත්වූ අතර ඒ සඳහා විවිධ ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් රග්බි කණ්ඩායම් 15ක් පමණ සහභාගී වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ අතර අවසාන තරඟය පවත්වන ලදී. විෂ්මයජනක සටනකින් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර පරදා ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර  තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා ලදී.

තරඟයේ පළමු භාගයේදීම කොළඹ කඳවුර ඉහළ ස්ථානයක සිටිමින් රත්මලාන කඳවුරට එරෙහිව ලකුණු 10-06 ලෙස ලබා ගන්නා ලදී. ඒහිදී   නායක ගුවන් භට දිසානායක එක් උත්සාහක දිනුමක් හා නායක ගුවන් භට  බන්ඩාර දඬුවම් පහරක් ලබා ගන්නා ලදී.  තරඟයේ දෙවන භාගයේදී නායක ගුවන් භට ජයමහ විරුද්ධපිලේ ඉර හරහා යමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර  වෙනුවෙන් දඩුවම් පහර දෙකක් සාර්ථක කරගන්නා ලදී.
    
ඉන්පසු තරගයේ මැද භාගය වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර තරගය තුළ තමන්ගේ අණසක පතුරවමින් ලකුණු 12ක් ලබාගෙන ඉදිරියෙන් සිටි අතර අනතුරුව තරගය අවසානයේ දී ලකුණු 15-12 ලෙස ලබාගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුර තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගනිමින් අන්තර් ඒකක රග්බි ශූරතාවය දිනා ගන්නා ලදී.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමා සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න, විද්‍යුත් හා විදුලි සංදේශන අධ්‍යක‍ෂක එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ,  ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පී ඩී කේ ටී ජයසිංහ,  ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප්‍රසන්න පායෝ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරු නිලධාරීන් හා සෙසු නිළයන් විශාල පිරිසක් මෙම තරගය නැරඹීම සඳහා සහභාගී  වී සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි