ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ශික පරීක්ෂණය ගුවන් හමුදා මීරිගම කඳවුර
11:54am on Monday 14th September 2015
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ මීරිගම ගුවන් හමුදා කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (2015 සැප්තැම්බර් මස 14) එම කදවුරේදී  පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීරිගම  කඳවුරේ අණදෙන නිලධාරී  ගෘෘප් කැප්ටන් එස් සී කේ පල්ලෙවෙල විසින් ගුවන් හමුදාධිපති තුමා පිළිගනු ලැබූ අතර එහිදී මාර්ග පෙළ කන්ඩයක් මගින් ගුවන් හමුදාධිපති තුමන් හට උත්තමාචාර පුද කරනු ලැබීය.  ගුවන් හමුදාධිපති තුමන් කඳවුරෙහි සියලූම ස්ථාන  නිරීක්ෂණය කරන ලද අතර කඳවුරෙහි සංවර්ධන මට්ටම එතුමන් අගය කළේය.
 
පරීක‍ෂණය අවසානයේදී මීරිගම කදවුරේ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් , සිවිල් මහතුන් හා සියලූම සාමාජිකයින් හට කදවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිළිවෙල වෙනුවෙන් ස්තුති කරමින් ඒ අය අමතා කතා කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි