ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය සමග හමුවක්
3:44pm on Saturday 19th September 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන  සම්මන්ත්‍රන මාලාවේ තවත් එක් හමුවක් 2015 සැප්තැම්බර් මස 15 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුරේදී පවත්වන ලදී. මේ සඳහා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරිනීන්, ගුවන් කාන්තාවන් සහ සේවා පුද්ගලයින්ගේ භාර්යාවන් රැසක් සහභාගී වූහ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම හමුව පවත්වනු ලැබූ අතර මෙහිදී සහභාගීවූවන් සමග සේවා වනිතා කටයුතු සම්බන්ධයෙන් ඇති ප‍්‍රශ්න හා ගැටලූ පිළිබඳව සාකච්ජා කරන ලදී.

එසේම හමුව අවසානයේ ගුවන් හමුදා පෙර පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් හමුවූ අතර අනතුරුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුර අසල පිහිටි බෝසත් ලමා නිවාසයේද සංචාරයක නිරත වූ  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය එහි ඉගෙනුම ලබන දරුවන් සමග  සුහද කථාබහකද නිරත විය.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපති,පියුමාලි වික්‍රමරත්න මහත්මිය,ලංකා ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සම්පත් වික්‍රමරත්න හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිලධාරි මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි වූහ.

a
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි