8 වන 'ගුවන් ලක් සෙවන' නිවස ප්‍රදානය කෙරේ
10:02pm on Monday 21st September 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක 'ගුවන් ලක් සෙවන' නිවාස ව්‍යාපෘතිය යටතේ සමිපුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප්‍රදානය කිරීම අද (2015 සැප්තැමිබර් මස 21) දින බිංගිරිය හල්මිල්ලවැව ප්‍රදේශයේදී සිදු කරන ලදි.

19207 බල/සැරයන් විජය කුමාර ඩබිඑමිසී හට මෙලෙස ඉදිකරන ලද නිවස ප්‍රදානය කිරීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මැතිණියගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක‍ෂක කාර්‍යාලයේ අධීක‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කදවුර මගින් මෙහි ඉදිකිරීමි සිදු කරන ලදි.

ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක‍ෂක එයාර් වයිස් මාර්ෂල් එමිඑල්කේ පෙරේරා සහ කටුනායක ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරන ඇතුලූ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි