ARFRO, RAFOA සාමාජිකයින් ගුවන් හමුදාධිපති හමුවෙයි
3:46pm on Saturday 3rd October 2015
  RAFOA සංගමයේ නියෝජිත නිළධාරීන් පිරිසක් සහ විශ‍්‍රාමික ගුවන් හමුදා නිළධාරී සංගමයේ නිළධාරීන් පිරිසක් පසුගියදා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

ජෙනරල් ශ්‍රේණියේ විශා‍්‍රමික ගුවන් හමුදා නිළධාරීන්ගේ සංගමය විසින් 1996 දී කර ඇති  ආරාධනාවක ප‍්‍රථිපලයක් ලෙස ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති විශ‍්‍රාමලත් ගුවන් හමුදා සංගමයේ නියෝජිත නිළධාරීන් මෙම සංගමයේ වැඩකයුතු සදහා සහභාගී වීමට නියමිතව ඇත. රටවල් 40 ක  නිළධාරීන් මෙම සංගමයට එක්වී ඇති අතර වෘත්තීමය වැදගත් කරුණු සාකචිජා කිරීම සදහා ඔවුන් කලාතුරකින් හමුවෙයි.  

මෙම නියෝජිත මණ්ඩලය නියෝජනය කරමින් සභාපති රියර් අද්මිරාල් එචිඑස් රත්නකිර්ති වීඑස්වී යූඑස්පීල උප සභාපති එයාර් වයිෂ් මාර්ෂල් ඒබී සොයිසා වීඑස්වීල එයාර් වයිෂ් මාර්ෂල් ඔි.ඩී.එන්.එල් පෙරේරා ආර්ඩබිපී ආර්එස්පී (සහකාර ලේකමි), මෙිජර් ජෙනරල් (වෛද්‍ය) කේඩීපී පෙරේරා යූඑස්පී සහ මෙිජර් ජෙනරාල් ඊපී ද ඉසෙඩි අබෙිසේකර යූඑස්පී යන නිළධාරීන් 2015 සැප්තැමිබර් මස 30 වන දින ගුවන් හමුදාපතිතුමන් හමු වී එම සංවිධානය හා ගුවන් හමුදාව අතර අන්‍යයෝන්‍ය සහයෝගීතාව වර්ධනය සදහා වර්ථමානයේ හා ඉදිරියේදී සිදු කල යුතු කි‍්‍රයාකාරකමි පිළිබදව සුහද සාකචිජාවක් පැවැත්වුණි.  


විශ‍්‍රාමික ගුවන් හමුදා නිළධාරී සංගමය පිහිටුවා එය ගුවන් හමුදාධිපතිතුමාගේ අනුග‍්‍රහය යටතේ පවත්වාගෙන යාම සදහා සියලුම විශ‍්‍රාමික නිළධාරීන් හට සාමුහික අනන්‍යතාවය තහවුරු කිරීම සදහා හැදුනුමිපතක් ලබා දීමට කටයුතු කර ඇති අතර එය සේවයේ යෙදී සිටින නිළධාරීන් හා විශ‍්‍රාමික නිළධාරීන් අතර මිත‍්‍රශීලීත්වය පවත්වාගෙන යාමට ඉවහල් වනු ඇත. විශ‍්‍රාමික ගුවන් හමුදා නිළධාරී සංගමය මගින් විශ‍්‍රාමික නිළධාරීන් හා ඔවුන්ගේ සැමියන් බිරින්දෑවරුන් සදහා සමාජ ප‍්‍රවර්ධන කටයුතු හදුන්වාදීම සහ එහි සාමාජිකයන් සදහා සමාජශාලා පහසුකමි ලබා දීමට මධ්‍යස්ථානයක්ද පිහිටුවීමට කටයුතු කර ඇත.

සංගමයේ වර්ථමාන සභාපති විංග් කමාණ්ඩර් චානක ප‍්‍රනාන්දු ලේකමි විංග් කමාණ්ඩර් නලීන් ජයතිලක යන අය පසුගියදා (සැප්තැමිබර් 28) ගුවන් හමුදාධිපතිතුමන් හමු වූ අතර එහිදී සංගමය හා ගුවන් හමුදාව අතර සිදු වන කි‍්‍රයාකාරකමි පිළිබදව අන්‍යයෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබදව සාකචිජා කරන ලදි.

සංචාරය සිහිවීම පිණිස ගුවන් හමුදාධිපතිතුමන් හා සියලු නියෝජිතයන් අතර සමරු සිහිවටන හුවමාරු සිදූකර ගන්නා ලදි.










airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි