සාර්ක් සාමාජික රටවල්හි කෙඩෙටි නිළධාරීන් හා කෙඩෙටි පුහුණු උපදේශක නිළධාරීන් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක
9:06am on Friday 16th October 2015
ශ්‍රී ලංකා ජාතික කෙඩෙටි බලකාය මගින් සංවිධානය කරනු ලබන තරුණ හුවමාරු වැඩසටහන සදහා සහභාගී වීමේ අරමුණෙන් සාර්ක් සාමාජික රටවල්හි සහ ආසියාතික රටවල්හි කෙඩෙටි නිළධාරීන් හා කෙඩෙටි පුහුණු උපදේශක නිළධාරීන් පිරිසක් පසුගියදා (14) ශ්‍රී ලංකා  ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

නිළධාරීන් 13 සහ කෙඩෙටි නිළධාරීන් 55 දෙනෙකු ඉන්දියාව පාකිස්තානය, බංගලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවල්  නියෝජනය කරමින් මෙම නියෝජිත පිරිස පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙි පුහුණු අධ්‍යක‍ෂක ලෙස කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න වසින් ගුවන් හමුදා මුලස්ථානයේදී නියෝජිත පිරිස පිළිගනූ ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සියලූ රටවල නියෝජිත කණ්ඩායමිහි ප්‍රධානීන් සමග කතාබහ කරන ලදි. සාකචිජාව අතරතුර දෙපාර්ශවය අතර මෙම හමුව සිහිපත්වීම සදහා සමරු ඵලක හුවමාරුවක්ද මෙහිදී සිදු විය.

පසුව ගුවන් මෙහෙයුමි අධ්‍යක‍ෂක මණ්ඩලයේ ෆලයිටි ලෙෆ්ටිනන්ටි දිෂාන් කිත්සිරි නිළධාරී විසින් ගුවන් හමුදාවේ ක්‍රියාකාරීත්වය සිදු වන ආකාරය පිළිබදව ඉදිරිපත් කිරීමක් සිදු  කරන ලදි. ඉදිරිපත් කිරීම සමාප්තිය සනිටුවහන් කරමින් ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලයේ සහභාගීත්වයෙන් දෙපාර්ශවය අතර අන්‍යයෝන්‍ය වශයෙන් බලපාන කරුණු පිළිබදව ප්‍රශ්න හා පිළිතුරු සාකචිජා කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි