ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික කදවුරු පරීක්ෂණය ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල සහ පිදුතලාගල කඳවුර
3:57pm on Saturday 17th October 2015
 දියතලාව සටන් පුහුණු පාසලේ සහ පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ වාර්ෂික පරීක‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ සහභාගීත්වයෙන් 2015 ඔක්තෝබර් මස 16 වන දින සිදු කරන ලදි.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩී ජේ සී වීරකෝන් මහතා පරීක්ෂණ පෙළපාලියට අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබීය.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලූ ස්ථාන පරීක‍ෂා කල අතර පරීක්ෂණය අවසානයේදී කදවුරු ප්‍රධාන ශ්‍රවනාගාරයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු අණදෙන නිළධාරී ඇතුලූ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවක මහතුන් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කරමින් ඒ අය අමතා කථා කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුරෙහි අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පී සී දිසානායක විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගන්නා ලද අතර එහිදී මාර්ග පෙළ ඛණ්ඩයක් මගින් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පුද කරන ලදී.
 
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරේ සියලූම ස්ථාන පරීක‍ෂා කල අතර පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු අණදෙන නිළධාරී ඇතුලූ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවක මහතුන් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කරමින් ඒ අය අමතා කථා කරන ලදී. එහිදී කඳවුරේ උන්නතිය වෙනුවෙන් කළ ක්‍රියාකාරී සේවය අගයමින් 26094 සැරයන් වික්‍රමසිංහ ආර් එම් එස් (ගිණුම් සහයක) ගුවන්හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලබන ලදී.   

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව


ශ්‍රී ලංකා ගුවන් හමුදා
ව පිදුරුතලාගල
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි