රොදර්හැමි සර්කිටි මීටි - 2015
4:28pm on Monday 19th October 2015
ත්‍රාසය භිතිය සමගින් උද්වේගකාරී ක්‍රීඩාශීලීත්වයක් පිළිඹිබු කරමින් රොදර්හැමි සර්කිටි මීටි 2015 කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේදී 2015 ඔක්තෝමිබර් මස 18 වන දින සාර්ථකව නිමාවට පත්විය.

එදින කටුකුරුන්ද කදවුරේ ගුවන් ධාවනපථය මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරග ස්ථානයක් ලෙස සලකුණු විය. මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන ප්‍රමුඛතම සහ කිර්තිමත් ස්ථානයක් ලෙස සැලකෙන මෙම ස්ථානය දේශිය ධාවකයන්ගේ අසාමාන්‍ය ධාවන කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමි නැරඹිම සදහා අති විශාල ජනකායක් සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිපාලන අධ්‍යක‍ෂක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් සී පී වැලිකල, සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක‍ෂක එයාර් කොමඩෝර් ඒ එචි විජේසිරි, ජ්‍යෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, ගුවන් භට සහ ගුවන් කාන්තාවන් ඇතුලූ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.

මෙම තරගාවලියේ සියලූ ලැබීමි ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සුභ සාධක ව්‍යාපෘතිය සදහා බැර කෙරේ. රෝදර්හැමි සර්කිටි මීටි 2015 ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ලංකා බැංකුව පෙරමුණ ගෙන සිටි අතර එහි මුලික අනුග්‍රාහකයා ලෙස සියැටි ආයතනය කටයුතු කරනු ලැබීය. මහජන බැංකුව බ්‍රෑරෑන්ටෙල් (ඊටෙල්) ස්ටපර්ඩ් මෝටර්ස් (හොන්ඩා) සහ ලූමියා මයික්‍රෝසොෆ්ට් යන ආයතන ආකර්ශනීය ධාවන තරග ඉසවි ගෙන ඒම සදහා සම අනුග්‍රහයකින් ලෙස කටයුතු කරනු ලැබීය.   

ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකයා ලෙසත් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලැබූ අතර අනෙකුත් සියළුම මාධ්‍ය ආයතනයන් මෙම මෝටර් රථ තරගාවලිය ආවරණය සදහා ඉතා උද්වේගයකින් සහභාගී වී සිටියහ.

2015 රේදර්හැමි සර්කිටි මීටි තරගාවලියේ හොදම මෝටර් රථ ධාවකයාට හිමි කසලානය ෂෝල් ඩැනියෙල් දිනා ගැනීමට සමත්වූ අතර හොදම යතුරුපැදි ධාවකයාට හිමි කුසලානය අශාන් සිල්වා විසින් හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක මාධ්‍ය ඒකකය මගින් තරගාවලියේ වැදගත්වූ ප්‍රමුඛ ඉසවි ආවරණය කල අතර ගුවන් හමුදා නිළ වෙබි අඩවිය හරහා තරගයේ සියලූ විස්තර (ප්‍රථීපල ඇතුලූව) සජීවීව විකාශය කරන ලදි.  

සියලුම ප්‍රතිඵල සදහා http://www.airforce.lk/rotherham_2015.php


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි