ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තුන්වන ගොල්ෆ් ක්‍රීඩාංගනය විවෘත වේ
4:41pm on Saturday 31st October 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ  තුන්වන ගෝල්ෆ් ක‍්‍රීඩාංගනය ලෙස ”ඊගල්ස් කැටලිනා ගෝල්ෆ් ක්ලබ්” ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් අද (2015 ඔක්තෝබර් 31) කොග්ගල ගුවන් හමුදා කඳවුරේදී විවෘත කරන ලදී.

ශ‍්‍රී ලංකාවේ ගෝල්ෆ් ක‍්‍රීඩාංගන කිහිපය අතරට එක්වන ගෝල්ෆ් සිදුරු නවයකින් යුක්ත වන මෙම ගෝල්ෆ් ක‍්‍රිඩාංගනය ගුවන් හමුදාවේ තුන්වන ගෝල්ෆ් ක‍්‍රීඩාංගනය ලෙස චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් සහ අනුරාධපුර ඊගල්ස් හෙරිටේජ් ගෝල්ෆ් ලින්ක්ස් සමගින් එක්වේ.

දකුණු පලාතේ සුන්දර කොග්ගල පුරවරයේ පිහිටා ඇති මෙම කැටලිනා ගෝල්ෆ් ක‍්‍රීඩාංගනය මගින් ගොල්ෆ් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය විඳිමින් ක‍්‍රීඩාවේ නියැලීමට අවස්ථාවක් හිමිවෙනු ඇත.

මෙම ක‍්‍රීඩාංගනයේ සමාජ ශාලාවේ සැලසුම් සකස් කිරීම සහ ඉදිකිරීම් කටයුතු මෙහෙයවීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය මගින් සිදු කරන ලද අතර මෙහි ඉදිකිරීම් කටයුතු රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් පථ ඉදිකිරීමේ පක්‍ෂාංගය මගින් සිදුකරන ලදී.

එසේම 2015 අන්තර් ඒකක ගෝල්ෆ් තරගාවලිය අළුතින් ඉදිකරන ලද ඊගල්ස් කැටලිනා ගෝල්ෆ් ක‍්‍රීඩාංගනයේදී අද පවත්වන ලදී, මෙහිදී අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සමස්ථ ශූරතාවයට හිමිකම් කියනු ලැබූ අතර චීනවරාය ගුවන් හමුදා විධ්‍යාපීඨය අනුශූරතාවයට හමිකම් කියන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභෘගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා ගෝලෆ් ක‍්‍රීඩා සභාපති එයාර් කොමඩෝර් එස්කේ පතිරණ, ගුවන් හමුදා ගෝල්ෆ් ක‍්‍රීඩා ලේකම් ගෲප් කැප්ටන් පී රණසිංහ, කොග්ගල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එස් සී විජේනායක  සහ ගුවන් හමුදා කඳවුරු ඒකක නියෝජනය කරමින් පැමිණි ගොල්ෆ් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

තරග’ ප‍්‍රථිඵල

විවෘත අංශය
පළමු ස්ථානය      -  නායක ගුවන් භට කුමාර පීඩීඑස්යූ (අනුරාධපුර ගුවන් හමුදා කඳවුර)
දෙවන ස්ථානය    -  නායක ගුවන් භට විජේසේකර කේසී (අනුරාධපුර ගුවන් හමුදා කඳවුර)
තුන්වන ස්ථානය  -  නායක ගුවන් භට කරුණෘරත්න ඩබ්ජීපීඩී (අනුරාධපුර ගුවන් හමුදා කඳවුර)

අවු 45 ට වැඩි
පළමු ස්ථානය     -  ස්කෝඩ්රන් ලීඩර් පී ගොඩගේ
දෙවන ස්ථානය   -  ගෲප් කැප්ටන් ප‍්‍රසන්න රණසිංහ (කටුනායක ගුවන් හමුදා කඳවුර)
තුන්වන ස්ථානය -  එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය (චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුර)

දීර්ගතම පහර
      - නායක ගුවන් භට ඉඳුනිල් කේජේසීපී (චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුර)
ආසන්නතම පහර - කෝප‍්‍රල් මධුශංක කේබීඑස් (අනුරාධපුර ගුවන් හමුදා කඳවුර)

කාන්තා අංශය
තරගාවලියේ නැගී එන ක‍්‍රීඩිකාව - නායක ගුවන් කාන්තා වීරබන්ධු (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි